මට මොකද්ද වෙලා තියෙන්නේ ? ඇයි මම මේ ලියන්නේ ? එක කාටවත් ප්‍රශ්නයක් නෑ නේ. මම ලියන්නේ මට හිතෙන දේ මම මේ ඔක්කොම කරන්නේ එකම එක ආදරයක් වෙනුවෙන්. කවුරු මොනව කිව්වත් මට කමක් නෑ . කවුරු මොනවා කිව්ව් කියලවත් මම සැලෙන්නේ නෑ..!! මම කාටවත් බය නෑ. එත් මම හැමතිස්සෙම හිතන්නේ මම මේ ඔක්කොම දේවල් කරන්නේ එකම එක ලස්සනම ලස්සන සුදු ළඳක් නිසා. හිනායනවා නේද ? අන්න එක මට ගොඩක් වටිනවා. මම නිසා ඔයා හිනා වෙලා ඉන්නවට මම හරිම කැමතියි. එච්චරයි මට ඕන .දහසකුත් ප්‍රශ්නයක් ඔලුවේ තියනවා නේ ? එත් ඒවාට අපි දෙන්න ළගම උත්තර නෑ නේ. එත් එහෙම උනා කියල ආදරේ අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්. මගේ ඔලුවට ගොඩාක් දේවල් එනවා. කොහෙන් ඉවර කරන්නද හිතාගන්න බෑ
ඉතින් මගේ සිහින කුමාරි ( මම කැමති නා ඔය එක එකා වගේ ඔයාට common name එකකින් කතා කරන්න ) සිහින කුමාරි කියල වචනේ common නේ . නෑ ඔයා Nilushey මගේම Nilushey...එහෙම කිව්වා කියල කවුරුත් දන්නේ නෑ නේ අපි දෙන්න විතරය් නේද. Sweet I miss you a lot
අපි තාම ඉන්නේ ගල් යුගේ .බලන්න ඕන වෙලාවට ඔයාගේ මුණ බලල ඔයාගේ ඇස් දෙක දිහා බලන් ඉඳල එන්න තියනවා නම්.... හ්ම්ම්ම්. තාක්ෂනේ තාම එච්චර දුරට ගිහින් නෑ නේ.හිතන්න එපා මට පොඩ්ඩක් පිස්සු
අනේ මම කොච්චර ඔයා ගැන හිතනවද ? එත් ඒවා කියල ඉවර කරන්න බෑ රත්තරනේ. ඔය කොතන හිටියත් මොනවා කෙරුවත් මම ආදරෙයි . ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්. ආදරේ කරන අය අන්තිමට එකට එකතු වෙනවා කියන්නේ ලොකු සතුටක් නේද ? එත් ආදරේ කරලා දෙතැනක තනි උනත් මගේ ආදරේ ඔය ආදරෙන් එකට ඉන්න අයට වඩා වැඩියි . මොකද මම එහම කියන්නේ මගේ ආදරේ අවසානයක් නෑ එත් අපි දෙන්න දෙතැනක ඉඳීවි නේ හැමදාම . එත් මතක තියා ගන්න මගේ බෝනික්කෝ ඒ ආදරේ කියන්නේ ලොකු කැප කිරීමක්. මම මේ ආදරේ කරලා එක උලුප්පලා පොර වෙනවා නෙමෙයි . මම මේ ඔක්කොම ලියන්නේ ඔයාට ඔයාගේ කෙස් ගහක් වත් අතින් අල්ලලා නෙමෙයි. ආදරේ ගොඩක් තියනවා ඔයාට. එත් මම ආසයි ඔයාගේ ඔය සිනිඳු අතින් අල්ලාගෙන ඔය ඇස් දිහා බලාගෙන ඉන්න. භාවනා කරන්න වගේ මේක බලල ලජ්ජා හිතෙයි. මම භාවනා කරන්නේ නෑ කවදාවත් ඒ වචනේ පාවිච්චි කරේ ඒ වගේ ඉන්න ආස නිසා.
ඔයා දැක්කම මුළු ලෝකෙම කලු සුදු වෙලා නවතිනවා ඔය විතරක් ඉන්නවා පේනවා හරියට ෆිල්ම් එකක් වගේ. හ්ම්ම්ම් තව ඔය ලඟින් යනකොට මගේ හුස්ම නවතිනවා වගේ දැනෙනවා. කකුල් 2ක මගේ වැඩ කරන්නේ නෑ හරියට අධික ගුරුත්වාකර්ෂණ බලයකට අහුවෙලා වගේ. මෙච්චර කතා කරන මගේ වචන හිර වෙනවා . ඇයි එහෙම උනේ ?? ඔයා අල්ලන්න ආසයි එත් මට ලෝබයි . තුරුළු කරන ඉන්න තියනවා නම් ඉන්නවා ජීවිත කාලෙම. යන්න දෙන්නේ නෑ.ඔයා ගැන හිතල මෙහෙම නම් ලඟින් හිටියම කොච්චර සතුටු හිතේවිද ? මට පිස්සු නේ .විකාර කියවන්නේ. ඒවා විකාර වෙන්න පුළුවන් බලන වෙන අයට එත් ඔයා විකාර විදියට ගන්නේ නෑ කියල මම දන්නවා
දැන් වැඩ ඇති, පරිස්සමින් වැඩ කර ගන්න ඉක්මනට එනවා ඔය සුදු මුණ බලාගන්න. මැරෙන්න තියනවා නම් ඔය මුණ දැකල මට ඒ ඇති . මම මැරෙන්න බය නෑ . එත් දැන් ජීවත් වෙන්න අරමුණක් තියනවා. ඒ අරමුණ ඔයා ....
2 comments:
ඒ ආදරේ ගාව නැවතුනේ උමතුවකින්..නිකං උමතුවක් නෙවේ...ආදරේම විදින්නයි ඕන උන්නෙ ඔය හිතත් එක්ක..නොකීවට ඔය විකාර මටත් එහෙම්මම තියේ...කොච්චර මිමිනෙනවද වස්තුවේ ඔය නම මටත් නොදැනීම...සැකයක් නෑ දෙයියො..වස්තු මගෙ ....
ඒ ආදරේ ගාව නැවතුනේ උමතුවකින්..නිකං උමතුවක් නෙවේ...ආදරේම විදින්නයි ඕන උන්නෙ ඔය හිතත් එක්ක..නොකීවට ඔය විකාර මටත් එහෙම්මම තියේ...කොච්චර මිමිනෙනවද වස්තුවේ ඔය නම මටත් නොදැනීම...සැකයක් නෑ දෙයියො..වස්තු මගෙ ....
Post a Comment