Thursday, December 19, 2019

ආදරය ගැන ඔබ නොදන්නා කරුණු 50ක්....



ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්

තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ

ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි

ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්

හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය

ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.

ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය

හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම

නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න

ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.

ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි

ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි

ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ

ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි

ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා

බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්

ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි

ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි

ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි

අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්

ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.

හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්

තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා

ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි

ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න

මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි, ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න

මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්

ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි

ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්

ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා

ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා

අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා

හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, හෑම සත්යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්න, උරුම කියන්න කොහෙ හරි හදවතකුත් තියනව

ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ

ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා

ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ

ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.

හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා

මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි

තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්

ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි

ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි

සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.

ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ

සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි

Friday, March 4, 2016

Sweet I miss you a lot....................



මට මොකද්ද වෙලා තියෙන්නේ ? ඇයි  මම මේ  ලියන්නේ ? එක කාටවත් ප්‍රශ්නයක්  නෑ  නේ. මම ලියන්නේ මට හිතෙන දේ මම මේ ඔක්කොම කරන්නේ එකම එක ආදරයක් වෙනුවෙන්. කවුරු මොනව කිව්වත් මට කමක් නෑ . කවුරු මොනවා කිව්ව් කියලවත් මම සැලෙන්නේ නෑ..!! මම කාටවත් බය නෑ. එත් මම හැමතිස්සෙම හිතන්නේ මම මේ ඔක්කොම දේවල් කරන්නේ එකම එක ලස්සනම ලස්සන  සුදු ළඳක්  නිසා. හිනායනවා නේද ?  අන්න එක මට ගොඩක් වටිනවා. මම නිසා ඔයා හිනා වෙලා ඉන්නවට මම හරිම කැමතියි. එච්චරයි  මට ඕන .දහසකුත් ප්‍රශ්නයක්  ඔලුවේ තියනවා නේ ? එත් ඒවාට අපි දෙන්න ළගම  උත්තර නෑ නේ. එත් එහෙම උනා කියල ආදරේ අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්. මගේ ඔලුවට ගොඩාක් දේවල් එනවා. කොහෙන් ඉවර කරන්නද හිතාගන්න බෑ

ඉතින් මගේ සිහින කුමාරි ( මම කැමති නා ඔය එක එකා වගේ ඔයාට  common name එකකින් කතා කරන්න ) සිහින කුමාරි කියල වචනේ  common නේ . නෑ  ඔයා Nilushey මගේම  Nilushey...එහෙම කිව්වා කියල කවුරුත් දන්නේ නෑ  නේ අපි දෙන්න විතරය් නේද. Sweet I miss you a lot




අපි තාම ඉන්නේ ගල් යුගේ .බලන්න ඕන  වෙලාවට ඔයාගේ මුණ බලල ඔයාගේ ඇස්  දෙක දිහා බලන් ඉඳල එන්න තියනවා නම්.... හ්ම්ම්ම්. තාක්ෂනේ  තාම එච්චර දුරට ගිහින් නෑ නේ.හිතන්න එපා මට පොඩ්ඩක් පිස්සු

අනේ මම කොච්චර ඔයා ගැන හිතනවද ? එත් ඒවා කියල ඉවර කරන්න බෑ  රත්තරනේ. ඔය කොතන හිටියත් මොනවා කෙරුවත් මම ආදරෙයි . ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්. ආදරේ කරන අය  අන්තිමට එකට එකතු වෙනවා කියන්නේ ලොකු සතුටක් නේද ? එත් ආදරේ කරලා දෙතැනක තනි උනත් මගේ ආදරේ ඔය ආදරෙන් එකට ඉන්න අයට  වඩා  වැඩියි . මොකද මම එහම කියන්නේ මගේ ආදරේ අවසානයක් නෑ එත් අපි දෙන්න දෙතැනක ඉඳීවි නේ හැමදාම . එත් මතක තියා  ගන්න මගේ බෝනික්කෝ ඒ ආදරේ කියන්නේ ලොකු කැප කිරීමක්. මම මේ ආදරේ කරලා එක උලුප්පලා පොර වෙනවා නෙමෙයි . මම මේ ඔක්කොම ලියන්නේ ඔයාට ඔයාගේ කෙස් ගහක් වත් අතින් අල්ලලා නෙමෙයි. ආදරේ ගොඩක් තියනවා ඔයාට.  එත් මම ආසයි ඔයාගේ ඔය සිනිඳු  අතින් අල්ලාගෙන ඔය ඇස්  දිහා බලාගෙන ඉන්න. භාවනා  කරන්න  වගේ මේක බලල ලජ්ජා හිතෙයි. මම භාවනා කරන්නේ නෑ කවදාවත් ඒ වචනේ පාවිච්චි කරේ ඒ වගේ ඉන්න ආස නිසා.

ඔයා දැක්කම මුළු ලෝකෙම කලු සුදු වෙලා නවතිනවා ඔය විතරක් ඉන්නවා පේනවා හරියට ෆිල්ම් එකක් වගේ. හ්ම්ම්ම් තව ඔය ලඟින් යනකොට මගේ හුස්ම නවතිනවා වගේ දැනෙනවා. කකුල්  2ක මගේ වැඩ කරන්නේ නෑ  හරියට අධික ගුරුත්වාකර්ෂණ බලයකට අහුවෙලා වගේ. මෙච්චර කතා කරන මගේ වචන හිර වෙනවා . ඇයි  එහෙම උනේ ?? ඔයා අල්ලන්න ආසයි එත් මට ලෝබයි . තුරුළු කරන ඉන්න තියනවා නම් ඉන්නවා ජීවිත කාලෙම. යන්න දෙන්නේ නෑ.ඔයා ගැන හිතල මෙහෙම නම් ලඟින් හිටියම කොච්චර සතුටු හිතේවිද ?  මට පිස්සු නේ .විකාර කියවන්නේ. ඒවා විකාර වෙන්න පුළුවන් බලන වෙන අයට  එත් ඔයා විකාර විදියට ගන්නේ නෑ  කියල මම දන්නවා

දැන් වැඩ ඇති, පරිස්සමින් වැඩ කර ගන්න ඉක්මනට එනවා ඔය සුදු මුණ  බලාගන්න. මැරෙන්න තියනවා නම් ඔය මුණ  දැකල මට ඒ ඇති . මම මැරෙන්න බය නෑ . එත් දැන් ජීවත් වෙන්න අරමුණක් තියනවා. ඒ අරමුණ ඔයා ....


Wednesday, March 2, 2016

My Swty Nilushey.....



හිමිදිරි උදෑසන
ඔබේ මුව දැකගන්න  පුළුවන් උනා නම්
මගේ දවසම සම්පුර්ණයි
පණ්ඩිතයි හරිම ඔයා
එත් ගොඩක්ම ආදරෙයි
ලඟින් ඉන්නකොට ලෝකෙම නවතිනවා
දන්නවද ?
ඔයාගේ හරි අගේ
මම ආදරෙයි
මටමයි බණින්නේ
එත් එක ආදරේට කියල මම දන්නවා
එක දෙයක්
ඔයාට තියනවා හරිම මිහිරි කටහඬක්
දවසෙම කතා කර කර ඉන්න මට පුළුවන්
ඔය කටහඬ ඇහුවම
මට හරිම සතුටක් දැනෙනවා
ඔලුව වටේ මල් කැරකෙනවා
මම නිකන් පාවෙනවා වගේ දැනෙනවා
කවුරු කියන එක ඇහුවේ නැතත් ඔය කියන එක අහනවා
ඔයා එක දන්නේ නෑ  නේ
දන්නේ නැත්නම් දැනගන්න
දැනෙන්නේ නැත්නම් මම මොනවා කරන්නද ?
මම හිතනවා මම තරමට ඔය මට ආදරේ කරනවා කියල
මට එක දැනෙනවා
නැතත් මම ඔයාට වරදක් කියන්නේ නෑ
සදාකල්ම නොමියන ආදරයක් මට තියනවා
ඒක  ඔය දැනගන්න
ළඟ නැති තරමට ආදරේ වැඩි වෙනවා .ඔයා එක දන්නේ නෑ

පරිස්සමින් ඉන්න
හැමදාමත්
කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා
ඔයාට කිසිම

ආදරෙයි හැමදාමත් එකේ වෙනසක් නෑ.....


I can't thinking about u........



ඔබ ගැන හීන මවන තරම්
ඔබ ගැන සිතන තරම්
ඔබ ගැන දුක් වෙන තරම්
ඔබ ගැන වද  වෙන තරම්
ඔබට තියන ආදරේ තරම්
ඔබ ගැන හිත හඬන තරම්
මේ ලෝකේ  කවුරුවත් දන්නේ නෑ
මගේ හිත තරම්
ඔය හිතට වත් එක දැනෙනවද
කියල මට හිතන්න බෑ
ඒක  එච්චරටම තද බැඳීමක්
මම දන්නේ නෑ  මම ඔයාට මෙච්චර ආදරේ ඇයි  කියල
කියන්න
ඔයාවත් මට
අය මම මෙච්චර ආදරේ ??

ආදරේ හරි අසරණයි
ඊටත් වඩා ඒක  සුන්දරයි
මම දන්නේ එච්චරයි.

මට මොනවා උනත් මට මොනවා කරත්
ඔබට අහිතක් වන කිසිම දෙයක්
වචනෙකින් තියා මගේ හිතින් වත්
කවදාවත් වෙන්නේ නෑ

ඔබ මා අතහැර දැමුවත්
මාව විහිලුවකට ගත්තත්
කමක් නෑ
මම  ආදරෙයි



Wednesday, January 27, 2016

ඔබ මට ආදරේ බව මට දැනෙනවා




අඩුවෙන් කතා කරත් 
මා දෙස නොබැලුවත් 
දෙකොනක සිටියත් 
බැඳීම් තිබුනත් 
ඔබ මට ආදරේ බව 
මට දැනෙනවා 
ඒ ඇති මට 
කිසිවක් නොකීවත් 
තරහින් බැන්නත් 
හිතේ තියන ආදරේ අඩුවක් නෑ  නේ ද  ?
අහන්න ඔයාගේ හිතින් 
ආදරේ නැත්නම් ???
කමක් නැ  සියුමැලිය 
එත් 
මගේ ආදරේ හැම දිනම
ඔබට පමණක් පුදමි මම 
අහිතක් නෑ  හිතේ 
ආදරේ නැතත් 

දුටුව පමණින් මේ කවිය 
තරහ යනු බව ඔබට 
මම දන්නවා හොඳට 
එයට හේතුව 
මට තියන ආදරේ නේද ?
ඔබේ හිත කැමති නෑ 
මට ආදරේ නෑ කියල කියනවට  නේද?

ආදරේ ඔබම පමණි

රැයක් දවාලක් නොමැතිව 
සිහිවෙන සෙනෙහස
විහිළුවක් නොවන බව
ඔබ තවම නොදනී  සොඳුරිය
එත් මම දරාගෙන ඉන්න දුක
නුඹවත් දන්නේ නෑ මගේ දයාවිය
හීනෙන්වත් නුඹේ ළඟ ඉන්න තිබුනා නම්
ආදරේ නිමක් නෑ ඔබට
එත් අපි අසරණ වෙලා
ආදරේ තේරුම ඔබම බව
මුළු හදම දන්නවා
ඔබ නොමැති ලොවක් ගැන
කෙසේ මම හිතන්නද ?
වෙන කිසිවෙකුට ආදරේ කරන්නට
මගේ හිතේ ඉඩ 
නෑ...
ආදරේ ඔබම පමණි

ගතින් ළඟ නැතත් මම
සිතින් ඔබේ  දෙපා ළඟ
ඉතින්  මගේ ආදරේ ඔබට දැනෙනවාද 

Thursday, January 21, 2016

ආදරනීය නිලූ.......




ආදරනීය නිලූ.....

මට මාව අමතක වන තරමට ඔයාව මතක් වෙනවා රත්තරන්....සංසාර ගත පුරුද්දට මෙන් ම මට ඔයාව මේ බවේදීත් හමුවුනා කියලා මට දස දහස් වර හිතෙනවා .ඒ හැම වාරයකම මගේ හිතට මහ සැහැල්ලුවක් සැනසීමක් වගේම අනන්ත වූ සතුටක් දැනෙනවා.එ ඔයව මගේම කරගන්න පුලුවන් වෙයි කියලා හිතට දැනෙන නිසා


මීට වසර දෙකකට පෙරාතුවයි ඔයාගෙ නම්බර් එක පොඩි ඉලක්කමක අතපසුවීමකින් මගේ දුරකතනයේ මා සේව් කරගත්තේ....ඒ එදා මෙ ඔයයි කියලා දැනගත්තානම් මගෙ පන කියල මගේ දුරකතනයේ ඔයගේ නම්බර් එක සේව් වෙන්න තිබ්බා...
මතකද පලවෙනි අපේ  Hii එක....
ම්ම්ම්ම් ඔයා කවුද?
මට මතකයි එක ඔයා එදා ඇදලා අහුවා...
ඒ හායි එකෙන් පටන් ගත්ත අපේ යලුකම අද කොහෙද මේ නැවතිලා තියෙන්නේ...
හීනයක් වගෙයි....
ඒ කලේ අපි ගජ මිතුරෝ  නෑ...මන් ඔයට කතා කලේ මගෙ පෑනෙ මිතුරා කියලා..මන් ඔයවා දැකලා තිබ්බේ නෑනෙ....

කොහොමෙන් කොහොම හරි වැරදීමෙන් ආව පොඩි මැසේජ් එකෙන් ආව දුර නම් පොඩි නෑ නෙද සුදෝ....
හැම වෙලෙම ආව පොඩි මැසේජ් එකෙන්  අවේ නැතත් දවසට එකක් දෙකක් නම් වැරදුනේ නෑ...හේතුව ඇයිද කියන්න දන්නේ නැහැ...එත් එක එහෙම උනා....
ඔහොම ඔහොම් ටික කාලයක් යනවිට මට ඔයා ගැන මගෙ හිතේ කියාගත නොහැකි අමුතු හැහීමක් ඇති උනා අවංකකම....ඒ මින් පෙර කිසි දිනක කා සමගවත් ඇති නොවුන විදියේ හැඟීමක් බව දැනුනත් එ දේ යටපත් කරන්න උත්සහ කලේ එත් අපේ යාලුකම නැති වෙවි කියල ලොකු බයක් දැනුනා නිසයි ...


  එය තප්පරයෙන් තප්පරය විනාඩියෙන්  විනාඩිය පැයෙන් පැය මොහොතින් මොහොත වරුවෙන් වරුව දවසින් දවස මගේ හිතටත් මටත් දරා ගත නොහැකි වන තරමට හදවත තුල ප්‍රබල වුනා...

  එය ඔබට වදනින් කෙලින්ම නොකිය සිටීමට මා ගොඩාක් උත්සහ කලා..මගෙ නොකිවූ ආදරේ කවි පද අතර කැටි කොට සඟවා මුවින් කීවට වඩා මැනවින් නුබේ හද පත්ලටම දැනෙන ලෙස පදරුත් ඇතිව ගලපා කීවේ  මාගෙ සැඟවුණු   ඒ ආදරයයි...


නෙලු ඔය රුව මගේ මනසෙහි    සදා                නන්ද
ගැලු මිතුදම් ගගුලෙ දියවර          සිදී                 මන්ද
පෙලූ ඔය හද ගැනම සිහි වී නොමැත                නින්ද
නීලූ කෙලසක මෙමා අමතක කරන්නට       පුලුවන්ද


එහි බැදි පද අතර තිබූ සුන්දර ආදරය ඔයාට දැනුන බව මම දන්නවා  මගෙ රත්තරං ...
ඔයාට එ තරම් ආදරයක් ඇති වෙන්න හේතුවත් එය කියල මට ගොඩාලියක් හිතුනා....

කාගෙ කවුරුද කොතැනක ඉන්නවද ඔය දයිවයේ සරදම්කාරයෝ මා නොදනිමි ..
නොසිතූ මොහොමත හමුවූ මිතුර කෙදිනක හමුවන්න ලැබේවිද යාලුකම හැමදේටම වඩා බලවත් නේද...මා තබා ගතිමි එක පැතුමක් කෙදිනක හෝ ඔබ හමු වන්නට

මතකයි සොදුරිය ඔබෙ හසරැලි මා සිත එදා ගොලු කල........


බලා ඉන්නම් මගෙ යාලු  කල්ප කලයක් උනත් ඔබෙ පැතුම එලෙසම සිදු වන දා තෙක් ..................


මිට ඔබේ නොදුටු මිතුරා